Online petition launched demanding General's release


Democratic National Alliance (DNA) has taken measures to get signatures to an online petition to demand the government of Sri Lanka to release Gen. Sarath Fonseka who was illegally arrested by the Military Police and is being arbitrarily detained without any charges.



Former Chief Justice Sarath N. Silva launched the web site www.freesarathfonseka.com today morning at the head office of the Democratic National Alliance (DNA). The first signature for the petition was placed by the former Chief Justice. Mr. Sarath N. Silva also delivered the keynote address of the ceremony.



Ms. Anoma Fonseka, Leader of the JVP Somawansa Amarasinghe, former Parliamentarian Arjuna Ranatunga and a large gathering were present.
www.lankatruth.com

Tuesday 9 February 2010

ජනරාල් අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ කි‍්‍රයාවක් - ජාතික භික්ෂු පෙරමුණ



2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 13:05

ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ ක්‍රියාවක් බවත් එය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකින බවත් ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ජාතික භික්ෂු පෙරමුණේ සභාපති රයිගම්, සල්පිටි, හේවාගම්, පස්යොදුන් සිව්කෝරළයේ අධිකරණ සංගනායක, පුරා විද්‍යා විශාරද පූජ්‍ය දඹර අමිල හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනය මෙසේය.

පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆෝන්සේකා මහතා ඊයේ රාතී‍්‍ර අත්අඩංගුවට ගැනීම වෛරය මත කළ අත්අඩංගුවට ගැනීමකි. මෙය ඉතා පිළිකුල්සහග කි‍්‍රයාවක් ලෙස දේශමාමක මහාසංඝතරත්නය වෙනුවෙන් අපි තරයේ හෙළා දකිමු.

‘‘නහිවේරේන වේරානී’’ යනුවෙන් වේදිකා ගානේ කළ කථා හිස් ප‍්‍රලාප බවට පත්කරමින් මේ සිදුකරන්නේ බද්ධ වෛරය පදනම් කරගත් කි‍්‍රයාකාරකම් බව ඉහමොළේ ඇතිව සිතන කාටවුවත් වැටහෙන කාරණයකි. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේදී බලහත්කාරය යොදවා, ඉතා නින්දනීය ලෙස අත්අඩංගුවට ගත් බව එය ඇසින් දුටුවන් මේ වනවිටත් මාධ්‍යයට කරුණු දක්වා ඇත.

ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වා ඇත්තේ ඔහු යුද හමුදාපති හා මාණ්ඩලික ප‍්‍රධානී තනතුරුවල සිටියදී රජය පෙරළා දැමීමට හා ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම සහ යුද හමුදා නීති උල්ලංඝනය කිරීම යන චෝදනාය. මේ චෝදනා ඔහුට තිබුණේ නම් ආරක්‍ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා ඔහුට ගාල්ල නියෝජනය කරමින් මන්තී‍්‍ර ධුරයක් දීමට යෝජනා කළේ කුමටද? එසේම ආරක්‍ෂක ලේකම්ගේ වගකීම දෙකට බෙදා කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේ මන්ද? තවද කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කළේකුමන හේතුවක් නිසාද? ඒවා භාරගත්තේ නම් මෙම චෝදනා ඉදිරිපත්වන්නේ නැත. ඒ සියල්ල ප‍්‍රතික්‍ෂේප කොට ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරීපත්වීමත් සමග ඇතිකරගත් බද්ධ වෛරය නිසා මේ සියලූ චෝදනා අද ඉදිරිපත්වන බව ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි අය රාජපක්‍ෂ මහතා පිළිබඳ හඳුන්වා දුන්නේ ජනමූල නායකත්වයක් සහිත, සුබ අනාගතයක් ගොඩනගන, මිනිස්කම අගයන, පිය සෙනෙහස තිබෙන ආදී අපමණක් ගුණබර වචන යොදමිනි. ඒසේ හඳුන්වා දුන් සැම දැන් සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන පිළිබඳව රටට වගකිවයතු බව අපි අවධාරයෙන් පවසන්නෙමු.

ජනරාල් සරත් ෆොන්සේකා යනු මහවිල් ආරු ජයග‍්‍රහණයෙන් හා තොප්පිගල ජයග‍්‍රහණවලින් පසු මේ රටේ ජන ප‍්‍රසාදයේ අංක එක ලෙස විශ්වාසය දිනාගත් ජනතා හදවත් තුළ සෑබෑ වීරයෙක් ලෙස ජීවත් වූ රණවිරුවෙකි. එකල කළ ජනමත සමීක්‍ෂණයක ප‍්‍රතිඵල අනුව කියවුනේ ශී‍්‍ර ලාංකීය ජනයාගේ පළමු තේරීම ජනරාල් සරත් ෆොන්සේකා බවත්, දෙවැනි තැන ආරක්‍ෂක ලේකම් වරයා බවත්, තෙවන ස්ථානය මහින්ද රාජපක්‍ෂ මහතා බවත්ය. එසේ වරක් නොව කීපවරක් මේ රටේ ජනයාගේ සැබෑ යුද වීරයා වූ සරත් ෆොන්සේකා මහතා මෙසේ නින්දා සහගත ලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලනයේදී ඔහුට පක්‍ෂ හා විපක්‍ෂ වූ බොහෝ දෙනෙකුගේ දැඩි කම්පනයට හා අප‍්‍රසාදයට ලක්වනවාට සැක නැත. ඒ අතර මේ රටේ මහානායක මාහිමිවරුන් ප‍්‍රමුඛ සැබෑ දේශමාමක මහා සංඝයා ප‍්‍රමුඛස්ථානයක් ගනී.

තිස් වසරක ශාපලත් බෙදුම්වාදයේ යුද පෙරමුණ පරදා රට ත‍්‍රස්තාවදයෙන් මුදාගත් මෑත යුගයේ අප දෑස් ඉදිරිපිට සිටිනා ප‍්‍රතාපවත්ම යුද සෙනෙවියා වූ සරත් ෆොන්සේකා මහතා ජනාදරයට හා අතිශය ජාතන්‍යන්තර පිළිගැනීමට ලක්වූ අයෙකි. එබන්දෙකුගේ ඇති පුරවැසි වටිනාකම හෝ නොසලකා අඩංතේට්ටම් කරමින්, මානසික පීඩා ඇතිකරමින්, ඔහුගේ ආරක්‍ෂාව ඉවත්කර ජීවිත අනතුරටක ලක් කරමින් කි‍්‍රයා කිරීම වහා නතර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතින් කටයුතු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රතිමූර්ති ලෙස පෙනී සිටිනවා යැයි හ`ඩ නැගූ පාලකයන්ගේ වගකීමකි.

ප‍්‍රභාකරන්ගේ පරම සතුරා ලෙස සැලකූ ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවස්ථා තුනකදී ඝාතනය කිරීමට ගත් උත්සාහය වැළකී ගියේ මේ රටේ වාසනාවටය. එසේ ප‍්‍රභාකරන්ගේ මරුකටින් ගැලවුණ සරත් ෆොන්සේකා මහතා මෙසේ විවිධාකාරයේ අඩංතේට්ටම්වලට ලක්කරමින් ඔහුව හිංසනයට ලක් කරනුයේ, ඔහුගේ ජීවිතය බිලිගැනීමට මගපාදනුයේ ප‍්‍රභාකරන්ගේ මියගිය අවතාර වැසුනු පුද්ගලයින්ද යන සැකයද මෙරට ජනයාට ඇතිවෙමින් පවතී.

තමන්ට ප‍්‍රතිපක්‍ෂ මතයක් දැරීම නිසා පමණක් කෙනෙකු ද`ඩුවමට හා පළිගැනීමට ලක් වන්නේ නම් එය අත්තනෝමතික, ඒකාධිපති ගමන්මගක ලක්‍ෂණයකි. මේ සිදුවන්නේ එය නම් මීට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුන සියලූ දෙනා මෙහි වගකීම භාරගත යුතුය.

මෙම අත් අඩංගුවට ගැනීමත් සමග රට ඉතා අරාජික හා අනතුරුදායක තත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය. මුළු ති‍්‍රවිධ හමුදාවටම අණදුන් නායකයා ලෙස ජනාරාල් සරත් ෆොන්සේකා මහතාට අත් වූ ඉරණම දකින හා පසුගියදා අනිවාර්ය නිවාඩු යවා සේවා හමාර කළ සෙසු නිලයන්ගේ ඉරණම දකින ති‍්‍රවිධ හමුදා හා පොලීසියේ, සිවිල් ආරක්‍ෂක බලකායේ සියලූ නිලයන් මේ මර්දනීය ගමනට එරෙහිවනු ඇත. එය මෙරට ආරක්‍ෂාව සම්බන්ධ කාරණයේදී බරපතල කාරණයක් වනු ඇති බව ඉතා කණගාටුවෙන් වුව රටට ප‍්‍රකාශකළ යුතුය.

එම නිසා ජනාරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීමත් සමග රට ගමන් කරමින් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන නතර කිරීම සඳහා මහානායක මාහිමිවරු ප‍්‍රමුඛ මහා සංඝ රත්නය හා සියලූ බුද්ධිමතුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආදී සියලූ දෙනා ඉක්මන් මැදිහත් වීමක් කළයුතු බව අපි ඉතා ආයාචනාත්මකව අවධාරණය කරනු කැමැත්තෙමි.

www.lankatruth.com

No comments:

Post a Comment