
පෙබ.14: (Lankaepuwath) ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා මහ මැතිවරණයට තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වේ.
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන සිටින අවස්ථාවක විපක්ෂය එක්ව කටයුතු කළ යුතුව ඇති බව ය.
ඒකාබද්ධ පුළුල් සන්ධානයක් සදහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට තවමත් අවස්ථාව ඇති බව ද ඔවුහු පවසති.
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සදහා මෙම පියවර ගත යුතු බව ඔවුන්ගේ ස්ථාවරය යි.
www.lankaepuwath.com
No comments:
Post a Comment