Online petition launched demanding General's release


Democratic National Alliance (DNA) has taken measures to get signatures to an online petition to demand the government of Sri Lanka to release Gen. Sarath Fonseka who was illegally arrested by the Military Police and is being arbitrarily detained without any charges.



Former Chief Justice Sarath N. Silva launched the web site www.freesarathfonseka.com today morning at the head office of the Democratic National Alliance (DNA). The first signature for the petition was placed by the former Chief Justice. Mr. Sarath N. Silva also delivered the keynote address of the ceremony.



Ms. Anoma Fonseka, Leader of the JVP Somawansa Amarasinghe, former Parliamentarian Arjuna Ranatunga and a large gathering were present.
www.lankatruth.com

Monday 15 February 2010

ජනරාල් තවමත් සීරුවෙන් - හමුදාවට ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කරයි

2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 08:23
පසුගියදා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය කිරීම සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හමුදාව විසින් කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජනරාල්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් දැන් හමුදා නිලධාරියෙකු නොව, සිවිල් පුරවැසියෙකු බැවින් තමන්ට විරුද්ධව හමුදා නීතිය යටතේ කටයුතු කළ නොහැකි බව පවසමිනි.


යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ජනරාල් ෆොන්සේකා මහතා රඳවා සිටින නාවික හමුදා මූලස්ථානය ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේතමන්ට මෙවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි. මෙසේ පවසමින් ප්‍රකාශයක් ලබා දීම ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කර ඇත.

තමා දැන් හමුදා නිලධාරියෙකු නොවන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පවසා ඇති ජනරාල්වරයා තමන්ගෙන් හමුදාවට ප්‍රකාශයක් ලබා ගැනීමේ කිසිදු අයිතියක් නැති බව මෙහිදී ‍පවසා ඇත. එමෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් තමන්ව යුධ අධිකරණයට ගෙන යෑමට ද කිසිදු අයිතියක් නොමැති බවත් මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.

මේ අනුව ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව හමුදා ආරංචි මාර්ග පවසයි.
www.lankatruth.com

No comments:

Post a Comment