Online petition launched demanding General's release


Democratic National Alliance (DNA) has taken measures to get signatures to an online petition to demand the government of Sri Lanka to release Gen. Sarath Fonseka who was illegally arrested by the Military Police and is being arbitrarily detained without any charges.



Former Chief Justice Sarath N. Silva launched the web site www.freesarathfonseka.com today morning at the head office of the Democratic National Alliance (DNA). The first signature for the petition was placed by the former Chief Justice. Mr. Sarath N. Silva also delivered the keynote address of the ceremony.



Ms. Anoma Fonseka, Leader of the JVP Somawansa Amarasinghe, former Parliamentarian Arjuna Ranatunga and a large gathering were present.
www.lankatruth.com

Sunday 14 February 2010

තංගල්ලේ උද්ඝෝෂණයටත් මැරයින් හා එක්ව පොලිසිය පහර දෙයි


2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 12:31
අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද තංගල්ල නගරයේදී විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැති අතර, මෙම උද්ඝෝෂණයට ‍මැර පිරිසකගේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මැරයින් පහරදීමත් සමඟම පොලිසිය විසින්ද උද්ඝෝෂකයින්ට පහර දී ඇත.


අද උදෑසන තංගල්ල නගරයේදී මෙම උද්ඝෝෂණය පැවැති අතර, උද්ඝෝෂණය පවත්වා පසුව ජනතා නියෝජිතයින් විසින් උද්ඝෝෂකයින් අමතා ඇත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා උද්ඝෝකයින් අමතමින් සිටියදී නිල් බලකායේ සාමාජිකයින් විසින් මෙම උද්ඝෝෂණයට පහර දී ඇත. මැර පිරිස පහරදීමත් සමඟම ක්‍රියාත්මක වී ඇති පොලිසිය ද උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර, පොලිසිය මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාට ද තර්ජනය කර ඇත. පොලිසියේ හා මැරයින්ගේ ප්‍රහාරවලින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.


කෙ‍සේ වෙතත් මේ අවස්ථාවේදී මැරයින් කිසිවෙකු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර, දිගින් දිගටම උද්ඝෝෂකයින්ට පහර දී උද්ඝෝකයින් විසුරුවීමට කටයුතු කර ඇත.
http://www.lankatruth.com

No comments:

Post a Comment